ඕනෑම රටක් නිවැරදි විදිහට පාලනය වෙන්න,ඒ වගේම යහපත් සංවර්ධනයක් උදා කර ගන්න නම් ඒ රටට හොඳ දේශපාලනයක් තියෙන්ඩ ඕනෙ කියන එක මේ රටේ ඉන්න පොඩි ළමයට පවා තේරෙනවා.රටේ මිනිස්සු ඒ කියන්නෙ ඔයාලා අපි වගේ මහජනතාව ඡන්දයකින් තෝරගත්ත එක්කෙනෙක්ව විතරක් පාර්ලිමේන්තු යවන්නෙ රටේ මහජනතාව විදිහට අපේ ප්‍රශ්න කතා කරන්න අපි හැමෝටම පාර්ලිමේන්තුවට යන්න බැරි හින්දයි.
ඒ වුණත් දැන් දැන් මේ රටේ දේශපාලකයො කරන වැඩයි මාධ්‍ය ඉස්සරහට ඇවිත් ඒ දේවල් ගැන කියන දේවලුයි දැක්කහම අපි පාර්ලිමේන්තු යැව්වෙ මේ වගේ අං තියෙන අයද කියලා හිතෙනවා.අවුරුද්ද පටන් ගත්ත වෙලේ ඉඳලා ගිනි රස්නෙ කාෂ්ටක අවුවෙන් පිච්චුන මිනිස්සුන්ට ස්වභාවධර්මයත් නපුරු වෙලා වගේ එක පාරටම ගං වතුර,නාය යාම්,ජීවිත දේපල හානි මහ ගොඩක් දීලා යන්න ගියා.ඇත්තටම මේ හැම එකකින්ම බැට කන්නෙ ඔයාලා අපි වගේ සාමාන්‍ය මහජනතාව වෙන එක හරිම ඛේදජනකයි.අපි නිදහස ලබා ගත්ත දවසෙ ඉඳලම මේ රට ප්‍රධාන පක්ෂ දෙකක් පාලනය කළා.ඒත් ඒ පක්ෂ වල හිටිය දේශපාලකයො ගොඩක් වෙලාවට කරේ තමන්ගෙ ඩඩගෝස්තරවාදී සංකල්පය එළියට දාලා මහජනතාවගේ ප්‍රශ්න යට ගහපු එකයි.ඉතිහාසයේ එදා ඉඳලා අද වෙනකම් වෙන්නෙ ඒ තියරියම නේද?

බලයට ආපු දවසෙ ඉඳලම ප්‍රධාන මාතෘකාව වුණ හොරු ඇල්ලීම මේ වෙනකොට කවදාවත්ම වෙන්නෙ නැති බව අපට තේරෙනවා.ඒකට හේතුව වෙන්නෙ මේ රටේ ඉන්න ලොකුම හොරු ටික ඉන්නෙ පාර්ලිමේන්තුවෙ හින්දා.කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ කියලා අපේ ජන වහරෙ එන කියමනක් තියෙනවා.ඉතින් අපට දැන් පැහැදිලි වෙන්නෙත් ඒකම නේද?සිද්ධ වෙලා තියෙන්නෙ පාලනය මාරු වීමක් විතරයි.දෙපැත්තෙම ඉන්නෙ දූෂකයන්ය.දෙපැත්තට බෝලය පාස් කරන න්‍යාය තවමත් සිද්ධ වෙන්නෙ කිසිම වෙනසක් නැතුව.අපි තාමත් රැවටෙනවා.අධ්‍යාපනය,සෞඛ්‍ය හැමදේම පෞද්ගලීකරණය වෙනවා.මේ හැමදේම දරා ගන්ඩ සිද්ධ වෙන්නෙ මේ රටේ මහජනයාටයි.අපිට අපි ගන්න තීරණ හරිද වැරදිද කියලා හිතන්න මේ වෙනකොටත් ගොඩක් දේවල් සිද්ධ වෙලා තියෙනවා.අපි හැමෝගෙම ඇස් බැඳලා තියෙන කඩතුරාව ලිහන්න කාලය ඇවිත්.
No comments:
Post a Comment